ඉන්දියාවේ රාජස්ථාන්හී පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටී අද (25) පෙරවරුවේ අනතුරක් සිදු වී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් ළමුන් සිව්දෙනෙක් මියගොස් ඇති බවයි.
එමෙන්ම තවත් 40කට වැඩි පිරිසක් සිරවී සිටින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
ජලාවර් දිස්ත්‍රික්කයේ රජයේ පාසලක තනි මහල් ගොඩනැගිල්ලක් මෙලෙස කඩාවැටී තිබෙන බවයි වාර්තා වන්නේ.
එම අනතුර සිදුවන අවස්ථාවේ ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට අමතරව ළමුන් 40දෙනෙක් පමණ එහි සිට තිබෙනවා.
(colombotimes.lk)