14 September 2025

logo

අද සිට ලංගම - පෞද්ගලික ඒකාබද්ධ බස් කාලසටහනක්



ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික අංශයේ දුරගමන් බස් රථ සඳහා ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරීම අද (25) සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු, පී.ඒ. චන්ද්‍රපාල සඳහන් කළේ එහි පළමු පියවර ලෙස කොළඹ සිට පුත්තලම - හලාවත මාර්ගයේ යාපනය දක්වා ගමන් ගන්නා බස් රථ සම්බන්ධයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවයි.

මෙම නව වැඩපිළිවෙළ බැස්ටියන් මාවත බස් නැවතුම්පලේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

(colombotimes.lk)