01 January 2026

logo

ඉන්ධන මිල ගණන් වෙනස් වෙයි - නව මිල මෙන්න



මාසිකව සිදු වන මිල සංශෝධනයට අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වී තිබෙනවා.

ඒ අනුව රුපියල් 377ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර තිබෙනවා.

එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 371ක් ලෙසයි.

රුපියල් 319ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර තිබෙනවා.

එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 313ක් ලෙසයි.

කෙසේ වෙතත් සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළා.


(colombotimes.lk)