ජපානය අද (24) සුන්බුන් වූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ විකිරණශීලී ජලය පැසිෆික් සාගරයට මුදා හැරීම ආරම්භ කළා.
මේ සම්බන්ධයෙන් චීනය අදහස් දැක්වුයේ, මෙය 'ආත්මාර්ථකාමී සහ වගකීම් විරහිත' ක්‍රියාවක් ලෙසයි.
එමෙන්ම සාගර පරිසරය, ආහාර සුරක්ෂිතතාව සහ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද චීනය ප්‍රකාශ කර තිබෙනවා.
මීට අමතරව ජලය විසර්ජනයෙන් පසු ජලයේ විකිරණ මට්ටම් නිරීක්ෂණය කිරීම වේගවත් කරන බවයි ඔවුන් සඳහන් කළේ.
විකිරණශීලී ජලය පැසිෆික් සාගරයට මුදා හැරීමේ සැලැස්මට මීට වසර 2කට පෙර ජපන් රජය අවසර දී තිබුණා.
කෙසේ වෙතත්, ජපාන ධීවර කණ්ඩායම් පවසා ඇත්තේ මෙය එරට කීර්තිනාමයට හානි කරන අතර අපනයන සීමා කිරීම් ඇතුළු විකුණුම් අලාභයකට තුඩු දෙනු ඇති බවයි.
හොංකොං සහ මැකාවු (චීන පාලනය යටත් ප්‍රදේශ) අද සිට ටෝකියෝ අගනුවර සහ ෆුකුෂිමා ඇතුළු ප්‍රදේශවලින් ජපන් මුහුදු ආහාර ලබා ගැනීම තහනම් කිරීමට සැලසුම් කර තිබෙනවා.
(colombotimes.lk)
