24 August 2025

logo

ටිකල් පාරේ ගමනාගමනයට තවදුරටත් බාධා



බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී. එස් සේනානායක හන්දිය දක්වා වූ ටිකල් පාරේ කොළඹ දෙසට පිවිසෙන මංතීරුවේ ගිලා බැසීමක් සිදුවුණා.

ඒ ඊයේ (21) උදෑසන කාලයේදීයි.  

එම මංතීරුවේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පොලීසිය කටයුතු කළා.

එහි ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ (21) පස්වරුවේ ආරම්භ කළද තවමත් එය අවසන් වී නොමැති බවයි වාර්තා වන්නේ.

එමනිසා අද (22) උදෑසන කාලයේදී මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී. එස් සේනානායක හන්දිය දක්වා වූ ටිකල් පාරේ එක් මංතීරුවක් පමණක් භාවිතා කරමින් ගමනාගමන කටයුතු සිදු කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. 

Colombo Times අප මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් බොරැල්ල, ඩී. එස් සේනානායක හන්දිය අවට ප්‍රදේශයේ තරමක රථවාහන තදබදයක් පවතින බවයි.  

එහි පිළිසකර කිරීම්වල දැන් තත්ත්වය පහතින්, 



(colombotimes.lk)