රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (31) විශේෂ විධායක සභා රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ තම ගැටලු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.
සිය ගැටලු විසඳීම සඳහා රජයට ලබාදී ඇති පැය 48ක කාලය අවසන් වුවත් ආණ්ඩුව මේ වනතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කළා.
(colombotimes.lk)
