31 January 2026

logo

ගිනිඅවියක් සමඟ තරුණයෙක් මාට්ටු වෙයි



විදෙස් රටක නිෂ්පාදිත අංකය මකා දමන ලද ගිනිඅවියක් සහ එම අවියට යොදන පතොරොම් 02ක් සමඟ සැකකරුවෙක් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ උස්වැටකෙයියාව ප්‍රදේශයේදීයි. 

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ එලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක් වන උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි. 

මේ පිළිබඳව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)