31 January 2026

logo

කරන්ගෙන් කඩුලු ත්‍රිත්වයක් - එංගලන්තයට ලැබුණු ඉලක්කය මෙන්න



සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු T20 තරගය මේ වන විට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තරගය ආරම්භ කිරීම ප්‍රමාද වීමත් සමඟ එක් ඉනිමක් පන්දුවාර 17කට සීමා කිරීමට තරග විනිසුරුවරුන් තීරණය කළා.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 133ක් පමණයි.

පන්දු යැවීමේදී සෑම් කරන් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළා.

ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් එංගලන්ත කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 134ක්.




(colombotimes.lk)