31 January 2026

logo

පළමු T20 සටනේ ජය එංගලන්තයට



සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු T20 තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11කින් ජයග්‍රහණය කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමඟ එක් ඉනිමක් පන්දුවාර 17කට සීමා කළා.

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 133k පමණයි.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 124ක් රැස් කරගෙන සිටියදී යළි වර්ෂාව ඇදහැලුණා. 

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව එම අවස්ථාවේදී එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය සඳහා රැස් කරගෙන තිබිය යුතු ලකුණු සංඛ්‍යාව 114ක්. 

ඒ අනුව මෙම තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11කින් එංගලන්ත ක්ණ්ඩායම ජයග්‍රහණය කළා.

දෙරට අතර තරග 3ක් ඇතුළත් T20 ක්‍රිකට් තරගාවලියේ පෙරමුණ මේ වන විට එංගලන්තය තරග 1ට 0ක් ලෙස හිමි කරගෙන සිටිනවා



(colombotimes.lk)