රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද (25) ආරම්භ කිරීමට සැලසුම් කළ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ ඊයේ රාත්‍රීයේ විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සමඟ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බවයි.
එහිදී සිය ඉල්ලීම් ඉටුකිරීම සඳහා අමාත්‍යවරයා ලබා දුන් ලිඛිත එකඟතාව මත වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 සිට දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබුණා.
(COLOMBOTIMES.LK)