11 February 2025


ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියයාමට හේතුව හෙළිවෙයි



ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියයාමට හේතුව අනාවරණය වී තිබෙනවා. 

ඒ අනුව අදාළ මරණ සඳහා හේතුවී ඇත්තේ බැක්ටීරියා ආසාදනයක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසුවේ. 
 
 
එම පුද්ගලයින්ට උණ සහ සමේ ආසාදිත තත්ත්වයක් පෙන්නුම් කරන බව වාර්තා වී තිබෙනවා. 
 
මේ වනවිට ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 1,023 දෙනෙක් මේ රඳවා සිටිනවා.
 
මේ අතර ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අසනීපවීමට හේතුව බැක්ටීරියාවක් බවට අනාවරණය වී තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා. 
 
එමෙන්ම රෝහල්ගත කළ රැඳවියන් 16 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි ඔහු පැවසුවේ.
(colombotimes.lk)