17 September 2025

logo

ඉඟුරු සහ කහ වගාවන්ට විශේෂ රක්ෂණය ක්‍රමයක්



වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු ලබන කහ සහ ඉඟුරු වගාවන් සඳහා විශේෂ රක්ෂණ ක්‍රමයක් ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංආරච්චි සඳහන් කළේ ඉඟුරු වගාව සඳහා ගොවියාට අක්කරයකට රුපියල් 200,000ක් දක්වා රක්ෂණාවරණයක් ලබාගැනීමට හැකියාව පවතින බවයි.

එමෙන්ම ඒ සඳහා 7%ක් වැනි රක්ෂණ වාරිකයක් ග්විමෙන් ස්වභාවික විපත්, රෝග කෘමි හානි සහ වන අලි හානි සඳහා රක්ෂණාවරණයක් ලබාගැනීමට හැකියාව ඇති අතර කහ වගාව සුරක්ෂිත කරගැනීමටද අක්කරයකට රුපියල් 700,000ක් දක්වා රක්ෂණාවරණයක් ලබාගැනීමට හැකියාව පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)