17 September 2025

logo

අයිස් සහ ගංජා සමඟ සැකකරුවන් තිදෙනෙක් කොටුවෙයි



ගංජා පැකට් 15ක් සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 01ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙක් ගිනිගත්හේන බ්ලැක්වෝටර් ප්‍රදේශයේදී ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගිනිගත්හේන පොලීසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20-25ත් අතර පසුවන තරුණයින් තිදෙනෙක්.

ගිනිගත්හේන පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරුවන්ගෙන් ඔවුන් අයිස් මිලදීගත් ජවාරම්කරුගේ තොරතුරු ලබාගෙන එම සැකකරු පදිංචි වටවල ප්‍රදේශයේ රැඳී සිටියදී ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

(colombotimes.lk)