17 September 2025

logo

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙයි



මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කරන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 02ක් සඟවා තිබියදී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා‍ පසුගියදා අභියාචනාධිකරණයට දැනුම්දුන්නා.

ඒ අනුව ඔහු අද (17) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)