16 December 2025

logo

RED NOTICE | ගම්පහ නගරය ජලයෙන් යටවෙයි - වත්තලටත් රතු නිවේදන



අත්තනගලු ඔය පිටාර ගැලීම හේතුවෙන් මේ වන විට ගම්පහ නගරය ජලයෙන් යට වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල අසල මාර්ගය මේ වන විට අඩි 04ක් දක්වා යට වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගම්පහ දුම්රිය ස්ථානය අවට මෙන්ම බස්නැවතුම්පල ආසනයේද ජලයෙන් යටවී තිබෙනවා.

මේ හේතුවෙන් ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. 
(colombotimes.lk)