කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරට අදාළව පත් කරන ලද කමිටුවේ කමිටු වාර්තාව අද (11) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා වෙත භාරදී තිබෙනවා.
පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් මෙම කමිටු වාර්තාව අමාත්‍යාවරයා වෙත භාරදී ඇති බවයි.
පසුගිය මැයි 11වනදා අලුයම නුවරඑළිය - මහනුවර මාර්ගයේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවුණා.
එම අනතුරින් බස් රියදුරු ඇතුළුව 23දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.