01 September 2025

logo

ගෞතම් ගාම්භීර්ගේ තැන කුමාර් සංගක්කාරට?



2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ උපදේශක ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර එක්වීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.

එම කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කළ ගෞතම් ගාම්භීර් නිමා වූ T20 ලෝක කුසලානයෙන් පසු ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නම් කළා.

ඒ අනුව මේ වන විට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ උපදේශක තනතුර පුරප්පාඩු වී තිබෙනවා.

මේ අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නිමාවූ T20 ලෝක ශූර ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ රාහුල් ඩ්‍රාවිඩ් පත් කිරීමට රාජස්ථාන් පාලනාධිකාරිය පසුගියදා තීරණය කළා.

(colombotimes.lk)