28 November 2025

logo

මැණික් ගඟ ආශ්‍රිත ප්‍රදේශවලට අධි ගංවතුර අවදානමක්



දිවයිනට බලපා තිබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මැණික් ගඟ ද්‍රෝණියේ පිහිටි තිස්සමහාරාම, කතරගම හා බුත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් නිම්නයේ පහළ ප්‍රදේශවලට ඇති වී තිබෙන මහ ගංවතුර තත්ත්වය ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙසයි. 

තවද මැණික් ගඟ ආශ්‍රිතව සියලු ක්‍රියාකාරකම්වලින් වැලකී සිටින ලෙසත්, සපත්තු පාලම් ආදිය ජලයට යටවිය හැකි බැවින් එම ප්‍රදේශවල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසත් දන්වා තිබෙනවා. 



(colombotimes.lk)