ජර්මානු ඔලිම්පික් ශූරියක වන ලෝරා ඩොල්මයර් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාකිස්ථානයේ කඳු නැගීමක් අතරතුර සිදුවූ හදිසි අනතුරකින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඇය තවත් කඳු නැගීමේ සහකාරියක සමඟ පසුගිය සඳුදා (28) ගිල්ගිට්-බෝල්ටිස්තාන් කලාපයේ කඳු නැගීමේ නිතරව සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට ලක්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරට ලක්වන විට ඇය ලායිලා කඳු මුදුණේ සිට ඇති අතර එහිදී මීටර් 5,700ක් පමණ උසකින් වූ ප්‍රදේශයකින් පහළට ඇදවැටී තිබෙන බවයි.
කෙසේ වෙතත් එදින පැවති අයහපත් කාලගුණය සහ දුර්වල ආලෝක තත්ත්වය හේතුවෙන් පසුදින උදෑසන තෙක්ම ගලවාගැනීමේ හෙලිකොප්ටරයකට ඇය වෙත ළඟාවීමට නොහැකි වී තිබෙනවා.
(colombotimes.lk)