25 January 2026

logo

රන් මිල තවත් පහළට



පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (25) සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 894,962ක් දක්වා අඩුවී ඇති බවයි වාර්තා වන්නේ.

එය ඊයේ (24) සටහන් වුණේ රුපියල් 897,977ක් ලෙසයි.
 
එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 231,550ක් දක්වා අඩුවී තිබෙනවා.

කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 28,940ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 31,570ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)