සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි දෙවන එක්දින තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
කෙසේ වෙතත් එම තීරණයට අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 219ක් පමණයි.
ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් එංගලන්ත කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 220ක්.
