මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ තෛනිකායික මහානාහිමිවරුන්ගේ ඉලීම සැලකිල්ලට ගනිමින් පොහොය කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගෙන ඇති බවයි.
මැයි පළමු වනදා විසා නැකත නොයෙදීමෙන් එම දිනය වෙසක් පොහොය ලෙස යොදා ගැනීම සුදුසු නොවන බව මීට පෙර තෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කළා.
අමාත්‍ය චන්දන අබේරත්න වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොහොය කමිටුව රැස් වී මැයි මස 30වනදා වෙසක් රාජ්‍ය උත්සවය පැවැත්වීමට එකඟතාව පළ කර ඇති බවයි.
(COLOMBOTIMES.LK)
