24 January 2026

logo

සජබ - එජාප තවත් තීරණාත්මක සාකච්ඡාවක්



එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (24) පවත්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සිය 'X' ගිණුමේ සටහනක් තබමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ මෙම සාකච්ඡාව ජයග්‍රාහී අවසානයක් කරා ගෙන යනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි.

එම සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස, මහ ලේකම් මද්දුම බණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් තලතා අතුකෝරල, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.

එහිදී දෙපාර්ශවය අතර එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.



(COLOMBOTIMES.LK)