24 January 2026

logo

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩතහනම්



පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී. කේ. ඒ. චමින්ද කුමාර කුලරත්න වැඩතහනමකට ලක් කර තිබෙනවා.

මෙම වැඩතහනම ඊයේ (23) සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්වයක් හේතුවෙන් මෙලෙස ඔහු වැඩතහනමකට ලක්කර තිබෙනවා.

2023 සැප්තැම්බර් 15වනදා සිට ජී. කේ. ඒ. චමින්ද කුමාර කුලරත්න පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ධූරයේ රාජකාරි ආරම්භ කළ බවයි සඳහන් වන්නේ.

(COLOMBOTIMES.LK)