ලෝක වෙළඳපොළේ රන් මිල මේ වන විට ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ ඇමරිකාව විසින් යටත් කර ගැනීම, ග්‍රීන්ලන්තය සම්බන්ධව ට්‍රම්ප්ගේ ප්‍රකාශ, ආක්ටික් කලාපයේ ඇමරිකානු උපායමාර්ගික අවශ්‍යතා මෙන්ම පසුගියදා කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 100%ක තීරුබදු පනවන බවට කළ අනතුරු ඇඟවීම යන කරුණු මෙලෙස රන් මිල ඉහළ යාමට බලපා ඇති බවයි.
ඒ අනුව මේ වන විට ලෝක වෙළඳපොළේ රන් මිල ඇමරිකානු ඩොලර් 5,024 ඉක්මවා ගොස් තිබෙනවා.
මීට සමගාමීව අනෙකුත් ලෝහ වර්ගවලද මිල ඉහළ ගොස් ඇති අතර රිදී අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
