08 January 2026

logo

ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළට



ලෝක වෙළඳපොළේ රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව අද (06) උදෑසන ආසියානු වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වුණේ ඩොලර්  4,461ක් ලෙසයි. 

මේ අතර ලෝක රන් මිලට සාපේක්ෂව මෙරට රන් මිල ද රුපියල් 3,000කින් ඉහළ ගොස් තිබෙනවා.
 
ඒ අනුව අද (06) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි 'කැරට් 22' රන් පවුමක මිල රුපියල් 337,600ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එය ජනවාරි මස 1වනදා දැක්වුණේ රුපියල් 327,500ක් ලෙසයි. 

මේ අතර ජනවාරි මස 1වනදා රුපියල් 354,000ක් ලෙස පැවති 'කැරට් 24' රන් පවුමක මිල අද වන විට රුපියල් 365,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

(colombotimes.lk)