19 September 2025

logo

උක් ගොවීන්ට සුබ ආරංචියක්



උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලු මුදල් නිසි පරිදි ගෙවා අවසන් කිරීම කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ කතාබහට ලක්ව ඇති සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්තශාලා ආශ්‍රිතව මතුවී ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින්.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට 2025 වසරේ වෙන් කළ අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ පැවැත්වුණා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි. 

ජනාධිපතවරයා විසින් අදාළ නිලධාරීන්ට මෙලෙස උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

එමෙන්ම කර්මාන්ත අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන විසින් දැනට සපයන සේවාවන් නිශ්චිත ලෙස හඳුනාගෙන ඒ සඳහා පිහිටුවා ඇති සියලු ආයතන ක්‍රියාකාරිත්වය මත ඒකාබද්ධ කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත් තවදුරටත් මහජනතාවට ලබාදිය යුතු සේවාවන් පිළිබඳ සොයා බලා සැලසුම් ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)