colombotimes.lk
සිංහල | English

17 September 2024


Google Doodle විසින් Big Mango සමරයි



Google doodle විසින් Big Mango හි 21 වැනි උපන්දිනය සමරා තිබෙනවා.

ඒ, එම ස්මාරකය අතුරුදන්ව ඇති බවට පළවන වාර්තා අතරතුරයි.

නමුත් මේ සම්බන්ධයෙන් කිසිඳු පොලිස් පැමිණිල්ලක් මෙතෙක් ගොනුකර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම අතුරුදන් වීම 2014 වසරේදී සිදුව ඇති බවයි. 

මෙහි ඉදිකිරීම් 2002 වසරේ මැයි 25 වන දින උතුරු ක්වීන්ස්ලන්තයේ බොවන් නගරයේ දී ආරම්භ කෙරුණා.

Big Mango මීටර 10ක උසකින් යුක්ත වන අතර, විශේෂ සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථානයක් ලෙස හැඳින්විය හැකියි.

එමෙන්ම මෙම නිර්මාණය ටොන් 10ක බරකින් යුතු වනවා.

මීට අමතරව Big Bogan, Big Banana සහ Big Gumboot ඇතුළුව (1960 සිට ඉදිකරන ලද) නිර්මාණ රැසක් ඕස්ට්‍රේලියාව පුරා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk) 

A 10m-tall giant mango in Bowen, north Queensland