වෛද්‍යවරුන් මුහුණ දී ඇති ගැටලුවලට පැය 72ක් අතුළත විසඳුමක් ලබා නොඳුනහොත් එළඹෙන සඳුදා දැවැන්ත වර්ජනයක නිරතවීමට බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසනවා.
ඔහු කියා සිටියේ රටපුරා සමානාත්මතාවයෙන් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමක් නැතිවීම හේතුවෙන් වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේදී විශාල ගැටළුවක් මතුවී ඇති බවයි.
එමෙන්ම ශ්‍රේණි වෛද්‍යවරුන් 23,000කට ආසන්න පිරිසක් මෙම පද්ධතියේ යෙදී සිටින අතර ස්ථාන මාරු ක්‍රියාවලිය නිවැරදිව ක්‍රමවත්, පාරදෘශ්‍ය හා කාර්යක්ෂම ලෙස සිදු විය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)