කැලණිවැලි මාර්ගයේ අද (22) සහ හෙට (23) ධාවනය කිරීමට නියමිත දුම්රිය කිහිපයක් තාවකාලිව අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ පැඟිරිවත්ත ප්‍රදේශයේ සිදු කරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පහත සඳහන් දුම්රියන් අද සහ හෙට ධාවනය කිරීම තාවකාලිකව අත්හිටවූ බවයි.
අංක 9254 - පෙ.ව. 08:30 කොළඹ කොටුව - අවිස්සාවේල්ල (මන්දගාමී)
අංක 9260 - ප.ව. 01:55 කොළඹ කොටුව - පාදුක්ක (මන්දගාමී)
අංක 9261 - ප.ව. 04:00 කොළඹ කොටුව - අවිස්සාවේල්ල (අර්ධ සීඝ්‍රගාමී)
අංක 9657 - ප.ව. 12:25 අවිස්සවේල්ල - කොළඹ කොටුව (මන්දගාමී)
අංක 9661 - ප.ව. 03:45 පාදුක්ක - කොළඹ කොටුව (අර්ධ සීඝ්‍රගාමී)
කෙසේවෙතත් රාත්‍රී කාලයේදී දුම්රිය ධාවනය සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)