22 February 2025


හෙරොයින් සමඟ සැකකරුවෙක් කොටුවෙයි



හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (21) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන නවගම්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)