හික්කඩුව පොලිස් වසමේ නාරිගම මහජන වෙරළ තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතිකයන් තිදෙනෙක් ඊයේ (21) සවස දියේ ගසාගෙන ගොස් තිබෙනවා.
එහිදී හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් මෙම පුද්ගලයන් තිදෙනා බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබාදීමෙන් අනතුරුව බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙක් ජීවිතක්ෂයට පත් වූ බව පොලීසිය සඳහන් කළා.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 38ක් වන රුසියානු ජාතිකයෙක්.
(colombotimes.lk)