15 February 2025


සතොස මඟින් මාළු අලෙවි කිරීමට රජයෙන් වැඩපිළිවෙළක්



සතොස වෙළඳසැල් මඟින් මාළු අලෙවි කිරීමට ධීවර සහ වෙළඳ අමාත්‍යාංශයෙන් ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ හැකි බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.

ඒ ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමට එක්වෙමින්.

එහිදී සතොස වෙළඳසැල් ඔස්සේ මාළු අලෙවි කිරීම සඳහා ධීවර සහ වෙළඳ අමාත්‍යාංශය ඒකාබද්ධව වැඩසටහනක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ජා කර තිබෙනවා.

ලංකා ධීවර සංස්ථාවේ නිලධාරීන් සඳහන් කළේ සතොස වෙළඳසැල් ජාලය හරහා මාළු අලෙවි කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට බලාපොත්තු වන බවයි.

 
(colombotimes.lk)