කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජයෙන් හෝ රාජ්‍යතාන්ත්‍රික මාර්ගවලින් කිසිදු වෙනසක් සිදුවී නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.
ඒ ඊයේ (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
පසුගියදා ඉන්දියාවේ පැවති දේශපාලන රැලියකදී කච්චතිව් දූපත ලංකාවෙන් බේරාදෙන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටින බවට ජනප්‍රිය නළුවෙක් මෙන්ම මේ වන විට දේශපාලනඥයෙක්ද වන තලපති විජේ ප්‍රකාශයක් සිදු කළා.
කැබිනට් මාධ්‍ය හමුවේදී ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ එවැනි ප්‍රකාශ හුදු දේශපාලන කතා පමණක් වන බැවින් ඒවායේ කිසිදු නිල අදාළත්වයක් නොමැති බවයි.
(colombotimes.lk)