05 November 2025

logo

උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාකරුවන්ට රජයෙන් සහනාධාර



උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාකරුවන් සඳහා රජය විසින් අක්කරයකට රුපියල් 30,000ක සහනාධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පවසනවා.

ඔහු සඳහන් කළේ අලුතින් වගා කරන පොල් ඉඩම් සඳහා ජල පහසුකම් ලබා ගැනීමේ අරමුණින් මෙම මුදල් ප්‍රධානය සිදු කරන බවයි.

මෙම පොල් ත්‍රිකෝණය තුළ පැළ ලක්ෂ 10ක් වගා කිරීමේ වැඩසටහනට සමගාමීව මෙම සහනාධාරය ලබාදීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)