ග්‍රීසිය විසින් නවශිලා යුගයේ සිට බයිසැන්තියානු දක්වා වූ පුරාවස්තු සිය ගණනක් සොයාගෙන තිබෙනවා.
ඒ අතරට දෙවන සියවසේ මහා ඇලෙක්සැන්ඩර්ගේ ලෝකඩ ප්‍රතිමාවක්ද ඇතුලත් බව සඳහන්.
ඒ අනුව මෙසේ සොයා ගන්නා ලද පුරාවස්තු සංඛ්‍යාව 351කි.
ඔවුන් මෙම කෞතුක වස්තු අත්පත් කරගෙන ඇත්තේ, බ්‍රිතාන්‍ය පුරාවස්තු වෙළෙන්දෙකුට විරුද්ධව පැවති වසර 17ක නඩුවකින් පසුවයි.
මෙම පුරාවස්තු පිළිබඳව ප්‍රථමයෙන් දැනගැනීමට ලැබී ඇත්තේ 2006 වසරේදී ග්‍රීසියේ බලධාරීන් සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.
ඔවුන් මෙසේ විමර්ශනයට ලක්කර ඇත්තේ, එරට තුල මෙන්ම විදෙස් රටවල් සමඟ ගනුදෙනු කරන ලද Robin Symes නම් සමාගමක්.
(colombotimes.lk)