වයස අවුරුදු 18ත් 25ත් අතර ශ්‍රී ලාංකිකයෙකුගේ බවට සැක කෙරෙන තරුණයෙකුගේ මළ සිරුරක් ඕස්ට්‍රේලියාවේ ට්‍රැන්මියර් නගරෙයේ වෙරළට ගොඩගසා තිබෙනවා.
ඊයේ (21) පස්වරු 1.40 ට පමණ ප්‍රදේශවාසියකු විසින් පොලිසියට ලබා දුන් තොරතුරක් මතයි මෙම සිරුර සොයාගෙන ඇත්තේ.
මෙය සැකසහිත මරණයක් බවට විශ්වාස නොකරන බවත් මරණයට හේතුව සොයා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ සිදු කරන බවත් ඕස්ට්‍රේලියානු පොලිසිය පවසා තිබෙනවා.
කෙසේවෙතත් මෙම පුද්ගලයා වෙනත් ස්ථානයකදී මුහුදට වැටී ගසා ගෙන එන්නට ඇතැයි විශ්වාස කරන බවයි පොලිසිය පවසා ඇත්තේ.
මේවනවිටත් මළ සිරුර හඳුනා ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටිනවා.
(colombotimes.lk)