1990 මුල් භාගයේ සිට ලෝකයේ විශාල විල් සහ ජලාශවලින් අඩකට වඩා සිඳී ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
මෙයට හේතුව වශයෙන් ඔවුන් සඳහන් කරන්නේ, දේශගුණික විපර්යාස, කෘෂිකර්මාන්තය, ජල විදුලිය සහ මිනිස් පරිභෝජනය සඳහා අනවශ්‍ය ලෙස ජලය භාවිතා කිරීමයි.
ඒ අනුව ලෝකයේ වඩාත්ම වැදගත් මිරිදිය ප්‍රභවයන්ගේ තිබූ ජලය ආසන්න වශයෙන් ගිගාටොන් 22ක් පමණ අහිමිවී ඇති බවයි.
එම ප්‍රභවයන් යුරෝපය සහ ආසියාව අතර කැස්පියන් මුහුදේ සිට දකුණු ඇමරිකාවේ ටිටිකාකා විල දක්වා විහිදී ඇති බවද ඔවුන් සඳහන් කළා.
තවද මධ්‍යම ආසියාවේ අරල් මුහුද සහ මැදපෙරදිග මළ මුහුද මිනිස් භාවිතය නිසා විනාශ වී යන බව ඔවුන් පෙන්වා දෙනවා.
මීට අමතරව ඇෆ්ගනිස්ථානය, ඊජිප්තුව සහ මොංගෝලියාව වැනි රටවල පිහිටි විල් ඉහළ යන උෂ්ණත්වය නිසා සිඳී යාමට පටන් ගෙන තිබෙනවා.
බොහෝ විට ඇතුල් ටිබෙට් සානුව වැනි දුරස්ථ ප්‍රදේශවල වේලි ඉදිකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙසේ ජලය අහිමි වී තිබෙනවා.
ස්වාභාවික විල් සහ වේලි පෘථිවියේ මිරිදිය ජලයෙන් සියයට 87 ක් පමණ ගබඩා කරනවා.
නමුත් එය ආවරණය කරන්නේ පෘතුවියේ මතුපිටින් සියයට 3 ක් පමණක් වීම විශේෂත්වයක්.
(colombotimes.lk)