15 July 2025

logo

ඇෆ්ගන් පන්දු යවන්නන් ඉදිරියේ රාජස්ථානයට දරුණු පරාජයක්



මෙවර Indian Premiere League තරගාවලියේ මුල් කණ්ඩායම් 4 අතර රැඳී සිටින Gujarat Titans සහ Rajastan Royals අතර තරගය ඊයේ (05) ක්‍රියාත්මක වුණා. 

එහිදී තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වූ Gujarat Titans කඩුලු 9ක පහසු ජයක් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තවදුරටත් සුරක්ෂිත කර ගත්තා. 
 
ඊයේ තරගය Jaipur හිදී පැවැත්වුන අතර තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක Gujarat Titans කණ්ඩායමේ ක්‍රීඩා කිරීම නිසා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ද මෙම තරගය පිළිබඳ වැඩි අවධානයකින් පසුවුණා. 
 
තරගයේ කාසියේ වාසිය ජයගත් Rajastan Royals මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා. 
 
ඒ අනුව ක්‍රීඩා කළ Rajastan Royals කණ්ඩායමට පන්දු 13ක් ඉතිරිව තිබියදීම ලබා ගැනීමට හැකිවුනේ ලකුණු 118ක් පමණයි. 
 
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Rajastan නායක Sanju Samson පන්දු 20කින් ලකුණු 30ක් ලබා ගත්තා. 
 
එමෙන්ම Yashasvi Jaiswal ලකුණු 14ක් රැස් කර ගත්තා. 
 
Gujarat Titans වෙනුවෙන් ඇෆ්ගන් දඟ පන්දු යුගලයක් වන Rashid Khan සහ Noor Ahmed පන්දු යැවීමේදී ප්‍රතිවාදී කඩුලු 5ක් ලබා ගැනීමට සමත් වුණා. 
 
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Gujarat Titans කණ්ඩායම පළමු කඩුල්ලටම ලකුණු 71ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වුණා. 
 
ඒ Shubman Gill සහ Wriddhiman Saha අතරයි. 
 
එමෙන්ම Wriddhiman Saha ලකුණු 41, Hardik Pandya ලකුණු 39ක් සහ Shubman Gill ලකුණු 36 බැගින් ලබා ගැනීමට සමත් වුණා. 
 
ඒ අනුව Gujarat Titans කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කර ගියා.
(colombotimes.lk)