16 September 2025

logo

අල්ලස් කොමිසමේ මූල්‍ය කළමනාකරණය ගැන හර්ෂගෙන් අනාවරණයක්



ස්වාධීන ආයතනයක් වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කළමනාකරණය ස්වාධීනද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළා. 

ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අයවැය ඇස්තමේන්තුව පිළිබඳ සාකච්ජා කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබූ අවස්ථාවේදීයි. 

කොමිෂන් සභාව සඳහා ආවේණික කාර්ය මණ්ඩලයක් සකස් කිරීමට තිබුණද වසර 2කට ආසන්න කාලයක් ගත වුවද තවමත් එය සිදුකර ගැනීමට නොහැකි වී ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක සඳහන් කළා. 

(colombotimes.lk)