20 August 2025

logo

උතුරු - නැගෙනහිර පළාත්වල අද හර්තාල් ව්‍යාපාරයක්



උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (18) හර්තාල් ව්‍යාපාරයක් සිදු කරන බව ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය පවසනවා. 

මුලතිව් ඔඩ්ඩුසුඩාන් හමුදා කඳවුරට ඇතුළු වූ පුද්ගලයන් පිරිසකට හමුදා නිළධාරීන් විසින් පහරදුන් බවට චෝදනා එල්ල වූ අතර එම කඳවුරට ඇතුළු වූ තවත් තරුණයෙක් ප්‍රදේශයේ වැවක මියගොස් සිටියදී සොයා ගැනීමත් සමඟ ඒ සම්බන්ධයෙන් හමුදාවට චෝදනා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

අදාළ සිද්ධිය ගැන විශේෂ පොලිස් කණ්ඩායම් 02ක් විමර්ශන සිදු කරන අතර ඒ සම්බන්ධයෙන් හමුදා සෙබලුන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය සඳහන් කළා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානිකම් සඳහන් කළේ කෙසේවෙතත් අදාළ තරුණයා මියයාමට විරෝධය පළ කරමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (18) හර්තාල් ව්‍යාපාරයක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි. 

(colombotimes.lk)