09 July 2025

logo

හවායි හි Kilauea ගිනි කන්ද පුපුරා යයි



ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කන්දක් වන Kilauea ගිනි කන්ද පසුගිය සඳුදා (03) පුපුරා යාමට පටන් ගෙන තිබෙනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ, හවායි ගිනි කන්ද නිරීක්ෂණාගාරයට අනුව අඩ සියවසකට පෙර අවසන් වරට පුපුරා ගිය ප්‍රදේශයකයි මෙසේ පුපුරා යාම ආරම්භ වුණේ.

මෙහි ලාවා ඉසින පැල්ම දළ වශයෙන් සැතපුම් 6ක (1 km) දිගකින් යුක්ත වෙනවා.

නමුත් Kilauea ගිනි කන්ද මිනිස් ජීවිතවලට හෝ යටිතල පහසුකම්වලට ක්ෂණික තර්ජනයක් නොවන බව USGS ආයතනය සඳහන් කළා.
(colombotimes.lk)