මෙරට ජීවත්වන ජනතාවගෙන් වැඩිම ප්‍රමාණයක් රෝහල්ගතවීම් සිදුවන්නේ හදිසි අනතුරු හේතුවෙන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ 'අනතුරකදී සිදුවන ලේ ගැනීම වළක්වමු' යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ පාගමනක් අද (12) පෙරවරුවේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අවස්ථාවේදීයි.
මෙම හදිසි අනතුරු වළක්වාගත හැකි අනතුරු බවත් එමගින් සෞඛ්‍ය සේවාවට මෙන්ම රටේ ආර්ථිකයටද දැඩි ලෙස ප්‍රතිලාභ අත්වන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
