05 March 2025


අනිද්දා සෞඛ්‍ය වෘත්තීයවේදීන් වර්ජනය කරයි



වෛද්‍ය නිලධාරීන් නොවන අනෙකුත් සෞඛ්‍ය වෘත්තීයවේදීන් තීරණය කළ පරිදි අනිද්දා (06) වෘත්තීය ක්‍රියා මාර්ගය ගන්නා බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කළේ සෞඛ්‍ය සේවාවේ දීමනා කප්පාදුව සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වී ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පමණක් බවයි.

ඒ අනුව පරිපූරක වෛද්‍ය සේවා, වෛද්‍ය රසායනාගාර, අතුරු වෛද්‍ය සේවා, විකිරණ විද්‍යා, චිකිත්සක, පවුල් සෞඛ්‍ය සේවා, අක්ෂි තාක්ෂණවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කීට විද්‍යා, දන්ත කාර්මික ශිල්පි සහ ඖෂධ සංයෝජක ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් වර්ජනයට අවතීර්ණවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)