05 March 2025


කොලොන්නාවේ ජල ගැලීම් පාලනය වෙනුවෙන් කමිටුවක්



කොලොන්නාවේ ජල ගැලීම් ඇති වීම සඳහා බලපාන මූලික හේතු සොයා බලා එවැනි තත්ත්වයක් නැවත ඇති වීම වළක්වා ගැනීමට අවශ්‍ය නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

එම කමිටුව කොළඹ දිස්ත්‍රික් ලේකම්ගේ සභාපතිත්වයෙන් යුතුව පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම කමිටුව විසින් ඉදිරිපත් කරන වාර්තාවේ නිර්දේශයන් ප්‍රමුඛතා පදනම මත කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය මග පෙන්වීම සහ අධීක්ෂණය සඳහා අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් සහ අදාළ විෂයභාර අමාත්‍යවරුන්ගේ සාමාජිකත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

 
(colombotimes.lk)