06 February 2026

logo

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී තද වැසි



උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
 
එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ දකුණු පළාත්වල අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)