26 March 2025


හෙට දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි



බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණ සහ ඌව පළාත්වල හෙට (26) පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්. 

(colombotimes.lk)