26 March 2025


Starlink සේවාව ගැන පැහැදිලි කිරීමක්



Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවා ව්‍යාපෘතිය රට තුළ අත්හිටුවා නොමැති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් සඳහන් කළේ මෙම සේවාව ලබාදීම සඳහා අවශ්‍ය නියාමනයන් සිදු කෙරෙන Dashboard පද්ධතියක අවශ්‍යතාවයක් පවතින බවයි.

එම පද්ධතිය මෙරටට ගෙන්වා ගැනීම සඳහා යම් ප්‍රමාදයක් පවතින බවත් අදාළ පද්ධතීන් මෙරටට ලැබුණු වහාම Starlink චන්ද්‍රිකා සේවාව අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)