වසා දමා තිබූ තලවකැලේ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ලිදුල ප්‍රාදේශීය රෝහල අසල ඉදිකර එම කාර්‌යාලය අද (25) ජනතා අයිතියට පත් කර තිබෙනවා.
ඒ අධ්‍යාපන නියේජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන්.
2006 වසරේ සිට ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‌යාල පරිශ්‍රය සහ එම ගොඩනැගිල්ල වරින්වර නායයෑම හේතුවෙන් එහි සේවය කරන වෛද්‍යවරු ඇතුළු කාර්‌ය මණ්ඩලයේ සහ එම කාර්‌යාලයේ සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව උදෙසා ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‌යාලය සුදුසු ඉඩමක ඉදිකිරීමට සැලසුම් කළා.
සෞඛ්‍ය අමාත්‍යාංයේ රුපියල් මිලියන 9.7ක ප්‍රතිපාදන යටතේ මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා.
(colombotimes.lk)