06 February 2026

logo

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි



දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවනිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක අද (13) පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එමෙන්ම සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.

(colombotimes.lk)